Sunday, January 15, 2012

නොමිලේ දීම



අන්දරේගේ කතා ඔබ අසා ඇති. ඉතින් ඒ කතා අපි කොච්චර රස වින්දද? නමුත් අද ඒ කතා අමතකවෙලා ගිහින්. මේ ඒ අමතක වී යන රස කතා ඔබේ මතකයට නැගීමට ගනු ලබන උත්සාහයක්. අන්දරේ කියන්නෙ නිකම්ම නිකම් විකටයෙක් හෝ කවටයෙක් නෙමෙයි. ඔහු සමාජය පිලිබද පුළුල් විවේචනයක යෙදුනු ප්‍රහසන කතා කරුවෙක්. මේ කථා නිර්මාණය කරන ලද අන්දරේ සේවය කල බවට සැලකෙන්නෙ සීතාවක යුගයේ රාජාධි රාජසිංහ රජුගේ යටතේ පැවති කවිකාර මඩුවේයි. ඔහු අපේ ඉතිහාසයේ පෞඩ සලකුණක් ලෙස හැදින්වීමේ වරදක් නැහැ.
උපහාසාත්මක කතා හා කවි ගැඹුරින් විග්‍රහ කොට බලද්දී නසුරුද්දීන් , ගෝපාල් , ඊසොප් වැනි විදෙස් උපහාසාත්මක කතා නිර්මාපකයන්ට වඩා දක්ෂයෙක් බව නම් සැබෑවකි. නමුත් ඔහුගේ දක්ෂ වදන් ගැලපීම් ජාත්‍යන්තර තලයට නොයෑම් නම් පුදුමයට කරු‍ණක් නොවේද ? ඉතින් ඒ අඩුව මෙතැන් සිට අපි සපුරාලමු.
කෙසේ වෙතත් අන්දරේ නම් පුද්ගලයකු නොසිටි බව ඇතමුන් තර්ක කරයි. අන්දරේ යන හුදු ජනකතා කරුවන්ගේ නිර්මාණාත්මක එකතුවක් බව ඔවුන්ගේ මතයයි. අන්දරේගේ ජීවිතය පුරාමත් මරණ මංචකයෙත් හාසය රසය ගැබ්වී තිබූ බව ප්‍රසිද්ධ කරුණකි. ඉතින් මෙතැන් සිට දිග හැරෙන්නේ එම ජීවිත කතාවයි.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites